2025 අගෝස්තු මස මුදු නැකත
2025/09/03 බදාදා දින සවස 5.30-6.30 අතර බෙහෙත් ද්‍රව්‍ය වතුර බෝතල් 3 ත් 4 ත් අල්ලන කලයකට දමා වතුර පුරවන්න. සාමාන්‍ය උසක එළිමහනේ පින්නේ තබන්න,
2025/09/04 බ්‍රහස්පතින්දා දින උදේ 7.30 ට ගෙන ලිපේ තබා යාන්තමට රත් කර ගන්න,
(උදේ 9 ට පෙර) නාන ස්ථානයකින් නාගෙන පසුව බෙහෙත් වතුර ඇග හැම තැනම ගාගන්න. ඉතිරි වතුර ටික කලයේ කට රෙදි කඩකින් වසා ඔලුවේ සිට නාගන්න. (එම කලය ආරක්‍ෂිත ස්ථානයක මුනින් නවා තබන්න. මාස 3 කට පසු එය බලා මකුළු දැල් බැදී ඇත්නම් පොඩිකර දමන්න)
2025/09/05 සිකුරාදා දින උදේ ෙ06.03 ට උතුර දිශාව බලා මුදු පැලදීම තමාගේ හිතවත් කෙනෙකුට කියා පැලදිය යුතුය
කලය පින්නට තැබූ දිනය වර්ශාව වැටුනොත් නෑම නොකළ යුතය